Monday, September 18, 2017

කඨින මහා පිංකමට සමගාමීව පැවැත්වෙන දායක රැස්වීම තරුණ රැස්වීම - 2017

2016 වර්ෂයේ අප විහාරස්ථානය මගින් පවත්වනු ලැබු කඨින මහා පිංකම හා කඨින පෙරැහැරැ නැරැබීමට අවශ්‍ය නම් පහත ‍ බොත්තම ඔබන්න.
ඔබන්න

Sunday, September 10, 2017

සියලු පිය වරුන්ට උපහාරයක්ම වේවා


අටබාගේ උඩගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී ධර්මරාජ දහම් පාසලීය 2017 වර්සයේ සිසු නිපුනතා ඇගැයිම් සදහා සිසු සුවියන් තෝරාපත් කර ගැනීමේ දි මව්ගුණ පියගුණ ගී  ගායනා තරග අංශය සදහා තේරිපත් වු අප දහම් පාසලීය 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.ජී ගෝෂීත් නිර්මාල් ප්‍රාර්ථන කුමාරසිංහ පුතණුවන්ගේ මෙම අපූරු සැබෑ හැකියාව දැකීමෙන් මා හට මෙම සංකල්පය පහළ වී ඔහුගේ හැකියාව තවදුරටත් ඇගැයුම්ශිලි කරවීම නිමිතිකොටගෙන මෙම නිර්මාණය කරන ලදී.
                                                                      මෙයට
                                                              මිල්ලගහමුල ඤාණාභිවංශ හිමි.

Click Here 



 

Thursday, September 7, 2017

අටබාගේ උඩගම ශ්‍රි සුදර්ශනාරාම විහාසථානයේ නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් සැලැබ් එකේ පළමු අදිරයේ වැඩ කටයුතු සදහා වැය වන මුදල් පිළිබද විස්තර

           අප විහාරසථානයේ අභිනවයෙන් ඉදිවන දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ දැනට සිදු කර ඇති වැඩ කටයුතු පිළිබදව අවබෝදය සදහා පහත Link වලට ගොස් නැරැබීමට හැකියාව ඇත.


as
1 VIDEO
2 VIDEO
1 PHOTS
2 PHOTO
3 PHOTS





Monday, September 4, 2017

තිර රෙදි පුජාව


අටබාගේ උඩගම ශ්‍රී සුදර්ශනාරම විහාරස්ථ සුමග කුඩා කණ්ඩායම මගින් බිනර පුන් පෝය දින නිමිති කොටගෙන අප විහාරස්ථ බුද්ධ මන්දිරයට තිරරෙදි පුජාවක් සිදු කළේය. මෙම මහගු කුසල කර්මය සදහා එම කුඩා කණ්ඩායමේ සාමාජික පිංවත් සැම දේනාම ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රම දායකත්වයෙන්  සහයෝගය ලබා දුන් අතර අප විහාරස්ථානය මගින් එම කුඩා කණ්ඩායමේ සාමාජික පිංවත්  සියලු   දේනා වෙත පුණ්‍යාණුමෝදනා කරමි.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සංවර්ධන කටයුතු කිරිම සහහා පිං ඔබත් කැමැති ඔබත් දායක වෙන්න.

අටබාගේ උඩගම ශ්‍රී සුදර්ශනාරාම විහරස්ථානය දැනට වසර 80 වක් පමණ පැරැණි විහරස්ථානයකි. එම හේතුවෙන් දැනට පවතින විහාරස්ථ සංඝාවාස ගොඩනැගිල්ල ඉතා අබලන් තත්වයක පවතින හෙයින් ප්‍රදේශවාසි දායක කාරකාදී පිංවත් පිරිස විසින් නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු සංවිධානය කර ඇත. එම සංඝාවාස ගොඩනැගිල්ල සදහා රු.90,00000.00 වැනි මුදලක් වැය වෙන බව දැනට නිගමණය කර ඇත. ශ්‍රී සුදර්ශනාරාම විහරස්ථ දායක සභාව තරුණ බෞද්ධ සංගමය හා  ශ්‍රී ධර්මරාජ දහම් පාසල එකමුතුව විහාරස්ථානයේ වාර්ෂිකව විවිධ උත්සව මගින් හා දායික දායිකාවන්ගේ පෞද්ගලික ආධාර උපකාරයෙන් දැනට රු.1200000.00 පමන වැඩ කටයුතු සිදු කර ඇති බව සතුටින් යුක්තව දන්වා සිටින අතර එම වැඩ කටයුතු පිළිබද තොරතුරු හා ජායාරුප සුදර්ශනාරාමය - අටබාගේ යන ෆේෂ්බුක් පිටුවේ පලකර ඇත. ඉදිරිවැඩ කටයුතු කරගැනිම සදහා ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමු.

                                                                                    මෙයට,

                                                                                    විහාරාධිපති,


Saturday, September 2, 2017

සෙත් කවි සුගායනය

ඉකුත් වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිති  කොට ගෙන ලක්වාසී සැමට ආශිර්වාද පතමින් අප විහාරස්ළුානය මගින් පටිගත කොට ඉදිරිපත් කෙරු සෙත් කවි සුගායනය

පෝෂණ මලු පරිත්‍යාග කිරිමේ මහගු කුසල කර්මය

අටබාගේ උඩගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සමාධි කුඩා කණ්ඩායම මගින් ප්‍රදේශවාසි වැඩිහිටි උවැසි උවැසියන් සදහා පෝෂණ මළු පරිත්‍යාග කිරිමේ මහගු කුසල කර්මයක් 2017.08.07 වෙනි නිකිණි පුර පොහෝ දින අප විහාරස්ථානයේ දී පැවැත්විණ.
වැඩි විස්තර සදහා

මදක් නැවැති බලන්න