Monday, September 4, 2017

තිර රෙදි පුජාව


අටබාගේ උඩගම ශ්‍රී සුදර්ශනාරම විහාරස්ථ සුමග කුඩා කණ්ඩායම මගින් බිනර පුන් පෝය දින නිමිති කොටගෙන අප විහාරස්ථ බුද්ධ මන්දිරයට තිරරෙදි පුජාවක් සිදු කළේය. මෙම මහගු කුසල කර්මය සදහා එම කුඩා කණ්ඩායමේ සාමාජික පිංවත් සැම දේනාම ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රම දායකත්වයෙන්  සහයෝගය ලබා දුන් අතර අප විහාරස්ථානය මගින් එම කුඩා කණ්ඩායමේ සාමාජික පිංවත්  සියලු   දේනා වෙත පුණ්‍යාණුමෝදනා කරමි.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සංවර්ධන කටයුතු කිරිම සහහා පිං ඔබත් කැමැති ඔබත් දායක වෙන්න.

අටබාගේ උඩගම ශ්‍රී සුදර්ශනාරාම විහරස්ථානය දැනට වසර 80 වක් පමණ පැරැණි විහරස්ථානයකි. එම හේතුවෙන් දැනට පවතින විහාරස්ථ සංඝාවාස ගොඩනැගිල්ල ඉතා අබලන් තත්වයක පවතින හෙයින් ප්‍රදේශවාසි දායක කාරකාදී පිංවත් පිරිස විසින් නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු සංවිධානය කර ඇත. එම සංඝාවාස ගොඩනැගිල්ල සදහා රු.90,00000.00 වැනි මුදලක් වැය වෙන බව දැනට නිගමණය කර ඇත. ශ්‍රී සුදර්ශනාරාම විහරස්ථ දායක සභාව තරුණ බෞද්ධ සංගමය හා  ශ්‍රී ධර්මරාජ දහම් පාසල එකමුතුව විහාරස්ථානයේ වාර්ෂිකව විවිධ උත්සව මගින් හා දායික දායිකාවන්ගේ පෞද්ගලික ආධාර උපකාරයෙන් දැනට රු.1200000.00 පමන වැඩ කටයුතු සිදු කර ඇති බව සතුටින් යුක්තව දන්වා සිටින අතර එම වැඩ කටයුතු පිළිබද තොරතුරු හා ජායාරුප සුදර්ශනාරාමය - අටබාගේ යන ෆේෂ්බුක් පිටුවේ පලකර ඇත. ඉදිරිවැඩ කටයුතු කරගැනිම සදහා ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමු.

                                                                                    මෙයට,

                                                                                    විහාරාධිපති,